Friday, March 8, 2019

හිතට නිදහසක් ලබාදෙන නිවැරදි කෘෂි ව්‍යාපෘතියක් සමඟ අඛණ්ඩ ආදායමක් 

අට වසරක් පුරාවට දේශිය කෘෂිකර්මයට මඟ පෙන්වූ 
 Bizbiz Lanka (Pvt) Ltd සමඟ විශ්වාසයෙන් එක්වන්න.

බලාපොරොත්තු නොවූ ලෙසින් ලොව පුරා පැතිර ගිය "කොරෝනා" වසංගතයත් සමඟම මෙතෙක් ස්ථාවර ආදායම් මාර්ග ලෙස බොහෝ දෙනා විශ්වාස කළ ආයෝජනයන් රාශියක් අවදානම් සහගත තත්වයට පත්විය. 

ඒ සමඟ මතුවූ මෙරට ආර්ථිකයේ අනපේක්ෂිත අස්ථාවර ස්වභාවය නිසා, බොහෝ දෙනෙකුගේ රැකියා සහ ව්‍යාපාර ද මේ වන වි‌ට අවදානමකට ලක්ව තිබේ.

වහා මේ සඳහා විසඳුමක් පුද්ගලිකව ළඟාකර නොගන්නේ නම් ඉදිරි වසර කිහිපයේදී පවුල වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් සහ සමාජය වෙනුවෙන් වන ඔබේ වගකීම් ඉටුකරගත නොහැකි තත්වයට මුහුණ දීමට ඔබට සිදුවනු ඇත. 

තමන්ගේ සහ පවුලේ සාමාජිකයින් ගේ එදිනෙදා වියදම්, විදුලි සහ ජල බිල්පත්, දරුවන්ගේ අධ්‍යාපන වියදම්, බැංකු ණය/ වාහන ණය වාරික ගෙවීම් වැනි  අනිවාර්ය වියදම් සඳහා ඔබේ අනාගත ආදායම ප්‍රමාණවත් නොවන්නේ යැයි ඔබ විශ්වාස කරන්නේ නම් ඒ වියදම් සොයාගැනීම වෙනුවෙන් අදම දැරිය හැකි මට්ටමේ ආයෝජනයකින් ස්ථාවර ආදායමක් අඛණ්ඩව නිර්මාණය කර ගැනීම ඔබේ වගකීමයි. 

මතුවන ඕනෑම අනාගත ආපදාවකදී ආදායම අඩු නොවන, මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වන ආහාර නිෂ්පාදනය  වෙනුවෙන්  වැදගත් වන "කෘෂිකර්මාන්තයට" දැක්මක් සහිතව ඔබට ආයෝජනය කළ හැකි නම් අඛණ්ඩව වසර ගණනාවක් ඔබේ ආදායම තහවුරු කිරීමට Bizbiz Lanka  සමාගමට හැකියාවක් ඇත. 

වෘත්තීමය කෘෂි උපදේශකයින් සහ කළමණාකරුවන් වශයෙන්, මේ වන විට මෙරට ක්‍රියාත්මක සුළු සහ මධ්‍ය පරිමාණ වී, එළවළු, පළතුරු , පශු, කෘෂි යෙදවුම් වැනි කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව්‍යාපෘති ගණනාවකට අප සමාගම  සාර්ථකව මඟපෙන්වමින් කටයුතු කරයි. 

දැනට නිසි වගාවක් රහිතව කැලෑ වදිමින් පවතින අක්කර පහකට වැඩි ඔබේ ඉඩම හෝ දැනට වගාවක් පවතින නමුත් නිසි ඵලදායකත්වයක්, සාර්ථක ආදායමක් නොලබන අක්කර පහකට වැඩි  ඔබේ ඉඩමේ ඉදිරි මඟ පෙන්වීම් ලබාගැනීම සඳහා අප අමතන්න. 

නැතහොත් අප විසින් අක්කර පහට අඩු වගා ඉඩම් සඳහා හඳුන්වා දෙන, "ඉදිරි වෙළඳ ගිවිසුම්" සහිත කෘෂි වගා ව්‍යාපෘති සඳහා යොමුවන්න. එමඟින් වසර තුනක් දක්වා ඔබගේ වගාවට නොමිලේ උපදේශන ලබාගත හැකිය. වසර පහළොවක් දක්වා ඔබේ කෘෂි අස්වැන්නට හොඳ අඛණ්ඩ වෙළඳපොළක් නිර්මාණය කරගත හැකිය. 

ඔබට වගා ඉඩමක් නොමැති නම්, රජයේ හෝ පුද්ගලික ඉඩමක් බදු වශයෙන් ලබාගෙන වගා ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකිය. ඒ සඳහා ව්‍යාපෘති වාර්තාව සැකසීමේ සිට අස්වැන්න විකිණිම දක්වා වන සියලුම කාර්යයන් සඳහා  නිසි උපදේශණය සහ කළමණාකරණය සිදුකිරීමේ හැකියාව අපට ඇත. 

දැනට අපගේ ව්‍යාපෘති රට පුරා ක්‍රියාත්මක වන අතර,  සියයකට ආසන්න ගොවීන් පිරිසක්,  අක්කර දෙසීයකට වැඩි වගාබිම් පවත්වාගෙන යමින්- ගිවිසුම්ගතව  අප සමාගම ට හෝ අපගේ නියෝජිතයින්ට සිය අස්වැන්න විකුණනු ලැබේ.( වෙබ් අඩවියේ ඇති සිතියම බලන්න.) ඊට අමතරව, අපේ උපදේශකයින්ගේ උපදේශන සේවා මාසිකව ලබාගන්නා කෘෂි ව්‍යාපෘති ගණන පණහකට වැඩිය. 

විදෙස්ගතව සිටින හෝ, කාර්යබහුලත්වය නිසා කෘෂිකර්මයේ සෘජුව නියැලීමට අකැමැති ඔබ සඳහා ආයෝජනයෙන් දායක විය හැකි කෙටි කාළීන සහ දිගුකාළීන වගා ව්‍යාපෘති කිහිපයක්ද Bizbiz Lanka  සමාගම විසින් කළමණාකරණය කෙරේ. මෙමඟින් සෑම හය මසකට වරක්ම මූල්‍යමය ප්‍රතිලාභ සහ පුද්ගලික භාවිතය සඳහා ඵලදාව ලබාදෙන අතර, අවශ්‍ය ඔ්නෑම විටෙක දුරස්ථව නිරීක්ෂණය කිරීමට, නිවාඩුව ගත කිරීමට, විශේෂිත අවස්ථාවල ශ්‍රමයෙන් දායක වීමට ඔබට අවස්ථාව ලැබේ. 

මෙරට ක්‍රියාත්ම සියලු කෘෂි ව්‍යාපෘති සඳහා පහත සඳහන් සේවාවන් අපෙන් ලබාගත හැකිය. ඒ වෙනුවෙන් මෙරට විශ්ව විද්‍යාල,  කෘෂි විද්‍යාපීඨ වල අධ්‍යාපනය ලැබූ, රජයේ සහ පුද්ගලික අංශයේ දිගුකාළින අත්දැකීම් සහිත කෘෂි උපදේශකයින් ගණනාවක් අපේ සම්පත්දායකයින් ලෙස ඔබ වෙනුවෙන් සේවා සැපයීමට කැපවී සිටී. 

         *- සෘජු සහ දුරස්ථ ගොවීන්/ආයෝජකයින් දැනුම්වත් කිරීම් වැඩමුළු
        *- වගා ඉඩම් කළමණාකරණය (අක්කර 5ට වැඩි- 40ට අඩු) 
        *- කෘෂි ව්‍යාපෘති සඳහා අඛන්ඩ ක්ෂේත්‍ර උපදේශන
        *- ඉදිරි වෙළඳ ගිවිසුම් සහිත වගා ව්‍යාපෘති
        *- කෘෂි / පශු/ අගය එකතු කළ නිෂ්පාදන සඳහා මඟ පෙන්වීම්
        *- වගා ඉඩම් පරීක්ෂාව සහ මූලික උපදේශන සේවා ලබාදීම
        *- ව්‍යාපෘති වාර්තා සැකසීම
        *- කෘෂි ව්‍යාපෘති සඳහා පුහුණු සේවකයින් සැපයීම
        *- වගාබිම් සඳහා අවශ්‍ය පොහොර සහ යෙදවුම් සැපයීම

පළමුවෙන්ම පහත සබැඳි ඔස්සේ අපේ වෙබ් අඩවිය සහ Facebook පිටුව කියවන්න. ඉන්පසුව අප අමතන්න.

වැඩි විස්තර සඳහා අවශ්‍ය නම් අපේ කාර්යාලයට එන්න. නැතහොත් අපේ කෘෂි උපදේශකයෙකු ඔබේ වගාබිම වෙත ගෙන්වා ගන්න.  ඒ සඳහා 076 66 42 607/ 070 66 42 607/ 0115 688872 අංක වලට කතා කරන්න.

ඔබ කැමැති ව්‍යාපෘතිය ගැන ඊමේල්/වට්ස්ඇප් සහ දුරකථන ඔස්සේ තොරතුරු ලබාගැනීමට ඊපෝරමය පුරවන්න. ඉතාමත් ඉක්මනින් අපේ නියෝජිතයෙකු ඔබ අමතනු ඇත.