⋆ සිටුවා මාස 8ක් වැනි කෙටි කාලයක් තුළ ආදායම් ලබාගත හැකිය. (උපරිමව මාස 9ක් තුළ)
⋆ වගාබිම සඳහා ජලය සහ උදෑසන හිරු එළිය අවශ්‍ය වේ.
⋆ මෙරට නීතියට යටත් ශක්තිමත් පසු විකුණුම් ගිවිසුමකින් බැඳෙමින් වසර 15ක් දක්වා ඔබේ අස්වැන්න මිළදී ගනී.
⋆ ගිවිසුම්ගත වන්නේ නම් මෙම වගාව අනිවාර්යෙන්ම ආරක්ෂිත ගෘහ තුළ වගා කළ යුතුය.
⋆ නිසි ප‍්‍රමිතියෙන් ආරක්ෂිත ගෘහ තුළ වගාව ඇරඹීම සඳහා වගාවට වැයවන සම්පූර්ණ පිරිවැය වර්ග අඩියකට රුපියල් 250ක් පමණ වේ. (ඉඩම පරීක්ෂාවෙන් පසු පූර්ණ ඇස්තමේන්තුව ලබාදේ.)
⋆ ලියාපදිංචි ගාස්තුව රුපියල් 8000/-කි. (ලියාපදිංචියෙන් දින පහක් ඇතුළත ඔබේ ඉඩම පරීක්ෂා කෙරේ. ගිවිසුම්ගත වන අවස්ථාවේදී මෙම මුදල ආපසු ගෙවනු ලැබේ.)
⋆ මූලික ලියාපදිංචි කිරීමේ ගාස්තුව ගෙවා ලියාපදිංචි වන ඔබට අපගේ වගාබිම් පරීක්ෂාවට සහ දැනට ලියාපදිංචි වී සාර්ථකව වගාව පවත්වාගෙන යන ගොවීන් හමුවී ව්‍යාපෘතියේ සාර්ථකත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලබාදේ.
⋆ වගාබිම සඳහා ඉඩම තෝරා දුන් පසු ඉඩම සැකසීම , ආරක්ෂිත ගෘහය ඉදිකිරීම, පාත්ති සැකසීම, ජල සම්පාදන ක්‍රමය සැකසීම, පැළසිටුවීම නවීන යන්ත්‍ර සහ අපගේ පළපුරුදු සේවකයින් යොදා සිදුකරනු ලැබේ.
⋆ වගාවේ නඩත්තු කටයුතු පමණක් අපගේ උපදෙස් පරිදි වගාකරු විසින් සිදුකළ යුතුය.
⋆ අස්වනු නෙළීම සඳහා සේවකයින් යෙදවීම මිළදී ගන්නා ආයතනයෙන් සිදුකෙරේ.
⋆ කෘෂි ව්‍යාපෘති බැංකු ණය මුදල් ලබාගත හැකි ව්‍යාපෘතියකි. කැන්රිච් ෆිනෑන්ස් ක්ෂුද්‍ර මූල්‍ය ණය සමිති සාමාජිකයින්ට "සරුබිම" ව්‍යාපෘතියෙන් ණය අයදුම්කළ හැක.
⋆ ව්‍යාපෘතිය සඳහා ණය අයදුම්කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඔබේ මූල්‍ය ආයතනය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ලියාපදිංචි වන්න.
⋆ රුපියල් 15,000/- ක ගාස්තුවක් ගෙවීමෙන් පසු බැංකු ණය සඳහා අවශ්‍ය සියලු ලේඛණ සැපයේ. ( ආපසු මිළදි ගැනීම සහතික කෙරෙන ලිපියක්/ අපනයන වගා ව්‍යාපෘතියක් බවට තහවුරු කෙරෙන සාධක/ සම්පූර්ණ ඇස්තමේන්තුව) අවශ්‍යනම් ව්‍යාපෘති වාර්තාවද සකසාදිය හැක.
⋆ ලේඛණ සම්පූර්ණ කළද, වෙනත් හේතුවක් මත ඔබට ණය මුදල ලබාගැනීමට නොහැකි වුවහොත් ලේඛණ ගාස්තු අඩුකරගැනීමෙන් පසුව ඉතිරි මුදල් ආපසු ලබාදේ.
⋆ අඩු ඉඩ ප‍්‍රමාණයක වැඩි පැළ ප‍්‍රමාණයක් වගා කල හැකිය. වර්ග අඩි දහසට පැළ දස දහසකි.
⋆ ඔබේ සැන්ඩි‍්‍රයානා වගාවෙන් වසර 15ක් දක්වා ආපසු මිළදී ගැනීම සිදු කරයි. වසර 15ට වාර 30ක් අස්වැන්න නෙලාගත හැක. අස්වනු නෙලීමෙන් දින කිහිපයක් ඇතුළත ඔබේ මුදල් බැංකු ගිණුමට බැර කෙරේ.
⋆ ඔබගේ ඉඩමේ ස්ථාපිත කෙරෙන ආරක්ෂිත ගෘහයට වසර 20ක වගකීමක්.
⋆ දෙමසකට වරක් ඔබේ වගාවටම පැමිණ නොමිලේ ලබාදෙන විශේෂඥ උපදෙස්. සහනදායී මිළකට වාර්ෂික සේවාවන් රැසක්.
⋆ අඩු ඉඩ ප‍්‍රමාණයක වැඩි ආදායම් ලබාගත හැකිය. එක් අස්වනු වාරයකදී රුපියල් 100,000/-ත් 150,000/-අතර ආදායමක් ලැබිය හැක.
⋆ අවුරුද්දකට 3න් වතාවක් හෝ 2 වතාවක් අතු කැපිය හැකිය. පොහොර දමා හොදින් නඩත්තු කරහොත් අවුරුද්දකට 3න් වතාවක් ආදායම ලබා ගත හැකිය.නැතහොත් අවුරුද්දකට 2 වතාවක් ආදායම ලබා ගත හැකිය.
⋆ සිටුවා මාස 24කට පෙර වැය කළ මුදල උපයාගත හැකිය.
⋆ අඩු ශ‍්‍රමයක් අවශ්‍ය වේ. දවසටම විනාඩි 15ක් සෑහේ. වල් ගැලවීම සහ පොහොර දැමීම දෙසතියකට වරකි.වසරටම පොහොර සහ විදුලිය සඳහා වැයවන්නේ රුපියල් 8,000/-කි. නිවැසියන්ගේ ශ‍්‍රමයෙන් නඩත්තු කළ හැක.
වැඩි විස්තර සඳහා අපගේ 076 66 42 607/ 070 66 42 607 දුරකථන අංක අමතන්න.