මසකට රුපියල් ලක්ෂයක් දක්වා ඉපැයිය හැකි කාබනික ගෙවතු වගාව

ඔබේ ඉඩම කාබනික වගාබිමක් බවට "ජාත්‍යන්තර සහතිකයක්" අමතර ගාස්තුවකින් තොරවම 




“කාබනික වාණිජ ගෙවතු වගාව” යනු අප විසින් හඳුන්වා දෙන නවතම කෘෂි ව්‍යාපෘතියයි.  නුහුරු නොවන ගොවිකමේ ආඩම්බරයෙන් යෙදෙන්නට කැමැති, හිතේ දෙගිඩියාවක් නැති ගොවි රජවරුන් වෙනුවෙන් ම වෙන්වන මේ ව්‍යාපෘතිය මඟින් හොඳ ආදායමක් ලබන්නට ඔබටත් හැකියාවක් ඇත. ගිවිසුම්ගතව වගාකිරීමෙන් අක්කර එකක වගාබිමකින් මාසිකව රුපියල් ලක්ෂයක ආදායමක් සහතික කරන්නමු.  



වසර තුනක් දක්වා කාලයක් ඔබේ ගෙවත්තෙන් මෙවන් සාර්ථක ආදායමක් උපයන්නට ඔබත් කැමැතිද? 


ඔබේ ගෙවත්තේ තැන තැන දැනටත් තිබෙන, සාමාන්‍ය පොල්- තැඹිලි - කෙසෙල් සහ අවශේෂ පළතුරු ගස් එලෙසම තිබෙන්නට හරිමින් ඉතිරි බිම්කඩ ඵලදායීව වගාකරන්නට ඔබ කැමැති නම්, වසර පුරාම අඛණ්ඩ ආදායමක් ලබන්නට මඟ පෙන්වීම් ලබාදීමට සමාගමට හැකියාවක් ඇත. 


අල්ලක් වවා මල්ලක් ගෙට ගන්නා “ගොවිකම” ලක්වැසි අපට නුහුරු කටයුත්තක් නොවේ. ඒ පරිසර හිතකාමී  ගෙවතු වගාව තුළින්ම, තම ජීවිකාව සරි කර ගන්නට ප්‍රමාණවත් ආදායමක් උපයන්නට හැකි නම්, අත්‍යාවශ්‍ය කැපවීම් කරන්නට “ගොවි හිතක” දෙගිඩියාවක් නොරැඳෙන බව අප විශ්වාස කරමු. 



ඔබේ ඉඩමේ විවෘත බිම්කඩේ හෝ ආරක්ෂිත ගෘහ ඉදිකර මෙම ව්‍යාපෘතියට අදාළ බෝග  වර්ග වගා කරන්නට හැකියාව ඇත. ලියාපදංචි වීමෙන් අනතුරුව ක්ෂේත්‍ර පරීක්ෂාවට පැමිණෙන අපගේ නියෝජිතයින් විසින් ඔබගේ ඉඩම ට සුදුසු බෝග වර්ග ගැන නිර්දේශයක් ලබා දේ. 


ඉන්පසුව ආයතනය සමඟ ගිවිසුමකට එළැඹ, නියමිත කාලයක් තුළ අදාළ බෝග වර්ග වගාකිරීමට අවස්ථාව ලබාදේ. අපගේ කෘෂි උපදේශකයින් වගාව ආරම්භ කිරීමට පෙර සිටම ඔබට මඟ පෙන්වීම් ලබා දෙනු ඇත.   එම බෝග සඳහා අවශ්‍ය වන ජලය - කාබනික පොහොර සහ අනෙකුත් සාධක ලබාදීමට අදාළ උපදෙස් ද වගාබිමටම පැමිණෙන අපගේ කෘෂි උපදේශකයින් විසින් නිරතුරුව ඔබට ලබා දෙනු ඇත. 


අවම වශයෙන් පර්චස් 30ක ගෙවත්තක් හිමි ඔබට මෙම වාණිජ වශයෙන් ඵලදායී “කාබනික වාණිජ ගෙවතු වගාව” ව්‍යාපාතියට සම්බන්ධ විය හැකිය. නඩත්තුවේ පහසුව පිණිස උපරිමව අක්කර 01 ක් දක්වා ඉඩම් වල පමණක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. සාමාන්‍ය යායෙන් බැහැර හුදකලා කුඹුරු ඉඩම් සහිත ගොවීන්ටද, ළඟදීම ඇරඹෙන අපගේ “කාබනික සහල්” ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ විය හැක. 


“කාබනික වාණිජ ගෙවතු වගාව” වෙනුවෙන් සම්බන්ධ වන ගොවීන් සිය ඉඩම් අවම වශයෙන් පසුගිය වසරක කාලය තුළ කෘමිනාශක හෝ රසායනික පොහොර භාවිතයෙන් තොරව පැවැති බවට ප්‍රකාශයක් ලබාදිය යුතුය. ජාත්‍යන්තරව පිළිගත් සහතිකකරණ ආයතනයක් ලවා ඔබගේ ඉඩම අමතර අයකිරීමකින් තොරවම  “කාබනික වගා බිමක්” බවට සහතික කිරිම අප ආයතනයේ මැදිහත්වීමෙන්  සිදු කෙරේ. 


වැඩි දුර විස්තර ලබාගැනීම සඳහා ඊපෝරමය පුරවන්න.



අදාළ ව්‍යාපෘතිය ගැන කෙටි පැහැදිළි කිරීම් තවදුරටත්



පළමු පියවර සඳහා උපරිමව අක්කර 15ක් දක්වා වගාබිම් තෝරාගැනේ.  පර්චස් 30ට වඩා ඉඩකඩ ඇති සාමාන්‍ය ගොවීන්ට හෝ වර්ග අඩි 500ට වැඩි ආරක්ෂිත ගෘහ තුළ වගාකරන්නන්ට සම්බන්ධ වීමේ හැකියාව ඇත. 


ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා ප්‍රමුඛතාවය ලැබෙන අතර දුරස්ථ ප්‍රදේශවල සිට අස්වනු ප්‍රවාහනය දුම්රිය මඟින් සිදුකිරීමට බලාපොරොත්තු වන බැවින් -  සෙසු ගොවීන්  ප්‍රධාන දුම්රිය මාර්ගයේ රඹුක්කන දක්වාත් ,  උතුරු දුම්රිය මාර්ගයේ මහව දක්වාත්, පුත්තලම මාර්ගයේ පුත්තලම දක්වාත් දුම්රිය ස්ථාන ආසන්නයෙන් ගොවීන් තෝරා ගැනේ.  සෙසු ප්‍රදේශ වල ගොවීන්ට අපගේ වෙනත් වගා ව්‍යාපෘති සඳහා සම්බන්ධ විය හැක. ඒ පිලිබඳ විස්තර අපේ වෙබ් අඩවියේ ඇත. 


මූලික ලියාපදිංචි කිරීමේ ගාස්තුව ගෙවා ලියාපදිංචි වන ඔබගේ ඉඩමට දින තුනක් ඇතුළත අපගේ කෘෂි උපදේශකයෙකු පැමිණ, ව්‍යාපෘතිය පිළිබඳව පැහැදිළි කිරීම් සිදුකරනු ඇත. 


ඉන් අනතුරුව අපගේ වගාබිම් පරීක්ෂාවට සහ දැනට ලියාපදිංචි වී සාර්ථකව වගාව පවත්වාගෙන යන ගොවීන් හමුවී ව්‍යාපෘතියේ සාර්ථකත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට වගාකරුට අවස්ථාව ලබාදේ.


සාර්ථක වගාබිමක් වෙනුවෙන් අවශ්‍ය උපදේශන සහ ජාත්‍යන්තර සහතික ඉල්ලුම්කිරීම් වෙනුවෙන් අවම රුපියල් නවදහසක ගෙවීමක් ආයතනය වෙත සිදු කළ යුතු අතර, එය පළමු අස්වනු වාරයේදී ගොවියා වෙත ආපසු ගෙවනු ඇත.


අමතර ගෙවීමකින් තොරවම වරින්වර ඔබේ වගාබිමට පැමිණ විශේෂඥ උපදෙස් ලබාදේ. සහනදායී මිළකට යටත්ව තවත් උපකාරක සේවාවන් රැසක්ද ලබාදේ. අවස්ථානුකූලව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය වැනි ආයතන විසින් මෙහෙයවන ගොවි වැඩමුළු සඳහාද ලියාපදිංචි ගොවීන් යොමුකරනු ඇත.


වැඩි විස්තර සඳහා අපගේ 076 66 42 607/ 070 66 42 607 දුරකථන අංක අමතන්න.

ඔබට මතුවන සාමාන්‍ය ගැටලු සඳහා පිළිතුරු මෙතැනින්

ලියාපදිංචිය සඳහා ඊපෝරමය පුරවන්න.