නිතර අසන පැන





මුදල් ආයෝජනය කරන්නේ කවුද? 


වගාකරුවා විසින් මුදල් ආයෝජනය කළ යුතුය. එකවර සම්පූර්ණ මුදල ගෙවිය යුතු නැත. එහෙත් එය කෙටි කාලයක් ඇතුළත ව්‍යාපෘති කාලසටහනට අනුකූලව කොටස් වශයෙන් ගෙවිය හැක. සමහර අවස්ථා වල අප සමාගම සමඟ සම්බන්ධ වන "මූල්‍ය ආයතන" මඟින් ණය මුදල් ලබාගෙන ව්‍යාපෘති වියදම සම්පූර්ණ කර ගැනීමේ හැකියාවද ඔබට ඇත. 

එසේම ඔබ සතුව ක්‍රෙඩිට් කාඩ් පතක් ඇත්නම් එමඟින් සම්පූර්ණ ව්‍යාපෘති පිරිවැයෙන් කොටසක් පහසු ගෙවීමේ පදනමින් ආවරණය කරගත හැකිය. 

වගාවේ අයිතිය කාටද? 



ව්‍යාපෘතියට සම්බන්ධ වුවද, එය ක්‍රියාත්මක වසර ගණන පුරාවටම වගාවේ අයිතිය වගාව හිමිකරුටය. අප විසින් සිදු කරන්නේ වගාබිම කළමණාකරණය කිරීම, වගාව සාර්ථකව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් ලබාදීම, නිසි ලෙස ඵලදරණ අස්වැන්න ගිවිසුම්ගතව මිළදී ගැනීම පමණි. වගාවේ අයිතිකරු ලෙස මෙම ගිවිසුමට එළඹීමේ හෝ ඉන් අවශ්‍ය මොහොතක ඉවත්වීමේ හැකියාව වගාකරුට ඇත.


අප ආයතනය මඟින් ණය පහසුකම් ලබාදෙනවාද?


නැත. නමුත් අපගේ ව්‍යාපෘතියට ගිවිසුම් ගත වන වගාකරුවෙකු ණය අයදුම්කිරීමේදී  අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනය වෙත ණය මුදල ලබාගැනීමේදී අවශ්‍ය වන වගා ව්‍යාපෘතිය ගැන පූර්ණ තොරතුරු ඇතුළත් මූලික ලේඛණ අතිරේක වියදමකින් තොරව අප විසින් සපයනු ඇත.

වගාව ආරම්භ කරන ඕනෑම අයෙකු ගිවිසුමට එකඟ විය යුතුද? 



නැත. අපගේ ව්‍යාපෘතියට සම්බන්ධ නොවී තමන්ට වෙනත් ක්‍රමයකින් අස්වැන්න විකිණීම සඳහා සාර්ථක වගාබිමක් පමණක් නිර්මාණය කර ගැනීමේ හැකියාව ඇත. එවැනි අවස්ථාවක ද අදාළ ඇස්තමේන්තුවට අමතරව කිසිදු අතිරේක ගාස්තුවක් අය නොකෙරේ.


ලියාපදිංචියෙන් පසු පමණක් වගාබිම පරීක්ෂාවට පැමිණෙන්නේ ඇයි? 



දෛනිකව අපගෙන් වගාව පිළිබඳ විමසීම් කරමින් ලැබෙන ඇමතුම් සිය ගණනකි. ඒ සෑම විමසීමක් වෙනුවෙන්ම පළපුරුදු කෘෂි උපදේශකයෙකු සහ ඇස්තමේන්තු නිළධාරියෙකු වගාබිම් පරීක්ෂාව සඳහා යොමු කිරීම ප්‍රායෝගික නොවන්නේ විමසන සියලු දෙනාම වගා ව්‍යාපෘති කෙරෙහි යොමු නොවන නිසාය. ව්‍යාපෘතිය ඉදිරියට නොගියද වගාබිම් පරීක්ෂා කරන්නට පැමිණෙන පළපුරුදු වෘත්තිකයින්ගේ සේවා ගාස්තු ආයතනය විසින් දැරිය යුතුය.  මේ නිසා ලියාපදිංචි වන ගණුදෙණුකරුවන්ගේ පමණක් වගාබිම් පරීක්ෂා කෙරේ.


වගා ව්‍යාපෘතියට ඔබෙන් අයකරන ලියාපදිංචි ගාස්තුව, පසුව ව්‍යාපෘතියට සම්බන්ධ වීමේදී ඔබ ගෙවිය යුතු වගා ඇස්තමේන්තු මුදලෙන් අඩු කෙරෙන බැවින් ලියාපදිංචි ගාස්තුව සම්පූර්ණ ඇස්තමේන්තුවෙන් බැහැර අමතර අයකිරීමක් නොවේ.

යම් හෙයකින් ඔබගේ ඉඩමේ අප විසින් උපදේශනය ලබාදෙන කිසිදු වගාවක් සිදු කළ නොහැකි නම් අප විසින් අය කරන ලද මුදල දින 10ක් තුළ නැවත ඔබ වෙත ගෙවනු ලබයි. 

අපගේ ආයතනයෙන් වගාබිම සැකසීමෙන් ඇතිවන වාසි මොනවාද? 



අදාළ වගාව ගැන හොඳ දැනුමක් ඇති වගා උපදේශකයින්ගේ මග පෙන්වීමෙන් පළපුරුදු සේවක මණ්ඩලයක් යොදාගෙන ඔබේ වගාබිම සැකසීම නිසා, වගාවෙන් අපේක්ෂිත ආදායම පහසුවෙන් ළඟාකරගත හැක.


අතරමැදියන්ගෙන් තොරව නිෂ්පාදකයින්නේ හෝ ආනයනකරුවන්ගෙන්  සෘජුව යෙදවුම් සහ උපාංග  මිළදී ගැනීම නිසා අප ලබාදී ඇති ඇස්තමේන්තුව තුළම වගාබිම සැකසිය හැක. තනි ඒකකයක් ලෙස වගාබිම සැකසීමේදී ඔබට වැයවන පිරිවැය අපගේ ඇස්තමේන්තු මුදලට වඩා වැඩිය.

අප ආයතනයට අස්වනු ආපසු මිළදී ගැනීම සහතික කළ හැකි වන්නේ නිසි ප්‍රමිතියෙන් වගාබිම සකසා ඇත්නම් පමණි. යම් හෙයකින් ඔබ විසින් සම්පූර්ණයෙන් හෝ කොටසක් (සීසෑම/ පාත්ති දැමීම) සකසා  අප වෙත භාර දීමට උත්සහ දරණ වගාබිම නිසි ප්‍රමිතියෙන් නොමැති බවට අපගේ කෘෂි උපදේශකයින් තීරණය කළහොත් යළි පිරිවැය දරමින් එම වගාබිම සැකසීමට ඔබට සිදුවනු ඇත. ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගත වන්නේ ඉන් පසුවය.

වඩා වැදගත් වන්නේ අඛණ්ඩ දිගුකාළීන අස්වැන්නක් ලබා ගැනීම නිසා උසස්ම තත්වයේ නීරෝගී පැළ  සහ වෙනත් යෙදවුම් භාවිතා කිරීම අපගේ ප්‍රතිපත්තියයි. එවිට ඔබට පහසුවෙන් නඩත්තු කර හොඳ ආදායමක් ලබාගත හැකිය.

වගාව තීරණය කළ යුත්තේ වගාකරුවාද? අප ආයතනයද?


වගාවක් යනු ව්‍යාපාරයකි. එය ඇරඹීය යුත්තේ ලාභ ඉපැයීමටය. ඔබ කැමැති වගාව සඳහා ඔබගේ ඉඩම සුදුසු නම් එම වගාව ඇරඹීමට අපගේ උපදේශකයින් ඔබට යෝජනා කරනු ඇත. යම් හෙයකින් ඔබගේ ඉඩම ඔබ කැමැති වගාව සඳහා නොගැලපෙන්නේ නම් සමාන ආයෝජනයකින්, හොඳ  ලාභ  ප්‍රතිශතයක් ලබාගත හැකි වෙනත් වගා ව්‍යාපෘතියක් යෝජනා කිරීමට අපගේ උපදේශකයින් කටයුතු කරනු ඇත.

පැළ සිටුවා අවසන් වීමෙන් පසු වගාකරුවාගේ වගකීම් මොනවාද? 


ඔබ වෙත ලබාදෙන උපදෙස් මාලාවට අනුකූලව වතුර සැපයීම, වල්පැල ගැලවීම සහ පොහොර දැමීම වගාකරුවා විසින් සිදු කළ යුතුය. වගාව පරීක්ෂා කරන විට වගාවේ වෙනසක්, කිසියම් රෝග ලක්ෂණයක් හඳුනාගත්තේ නම් එය වහාම ඔබගේ උපදේශකවරයාට දැන්වීම සිදුකළ යුතුය. ඉන් අනතුරුව ඔහු/ඇය පැමිණෙන තුරු ලබාදෙන දුරස්ථ උපදේශන අනුව කටයුතු කළ යුතුය.

පෙර දැනුම්දී ඇති නිවැරදි කාල වකවානුව තුළ අස්වැන්න නෙලීමට අදාල සේවක මඩුල්ල  ඔබගේ වගාවට පැමිණෙන අතර,  ඔබගේ වගාබිමේ  අස්වැන්න නෙලාගන්නා අවස්ථාවේ ඔබ හෝ ඔබේ නියෝජිතයෙකු එහි රැඳී සිටීම කළ යුතුය. 

වැඩි විස්තර සඳහා අපේ දුරකථන වලට අමතන්න. 
076 66 42 607/ 070 66 42 607/ 075 9 043 804