Biz Biz lanka ඉඩම් කළමණාකරන සහ කෘෂි උපදේශන සේවා

මෙරට සුළු සහ මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යවසායකයින් සඳහා පවතින ප්‍රධානම ගැටළුවක් වන්නේ සිය කෘෂි වගා ව්‍යාපෘති සඳහා "පිළිගත් උපදේශන සහ කළමණාකරණ මෙහෙයවීම්" පහසු මිළකට සපයාගත නොහැකි වීමයි.

මේ තත්වය හඳුනාගත් BizBiz Lanka සමාගම, ලංකාව තුළ සුළු සහ මධ්‍ය පරිමාණ කෘෂි ව්‍යාපෘති දියුණු කිරීම පිණිසත්, ආයෝජකයින් දිරි ගැන්වීම පිණිසත් "පිළිගත් උපදේශන සහ කළමණාකරණ මෙහෙයවීම්" සේවාවන් ඇරඹීමු.

ඒ අනුව 2013 වසරේදී ඇරඹුණු මෙම සේවාවෙන්, දැනට සාර්ථක ලෙස ක්‍රියාකාරීව පවතින දේශිය කෘෂි ව්‍යාපාර ගණනාවකට අප, අපේ උපදේශන සේවාවන් සහ කළමණාකරණ සේවාවන් ලබා දෙන්නෙමු.

ඔබටත් පහත සඳහන් කර ඇති අංශ ඔස්සේ අපගේ සේවාවන් ලබාගැනීමට අවස්ථාව ඇත.

*- පොදු උපදේශන වැඩමුළු
*- සෘජු සහ දුරස්ථ කෘෂි ව්‍යාපාර උපදේශන
*- වගා ඉඩම් කළමණාකරණය
*- ඉදිරි වෙළඳ ගිවිසුම් සහිත වගා ව්‍යාපෘති
*- කෘෂි / පශු/ අගය එකතු කළ නිෂ්පාදන සඳහා මඟ පෙන්වීම්

*- වගා ඉඩම් පරීක්ෂා කිරීම් සහ නිර්දේශ සැපයීම්

*- අලිවැට ඉදිකිරීම් සහ ජල සම්පාදන ව්‍යාපෘති 

*- කෘෂි සහ ආශ්‍රිත ව්‍යාපාර සඳහා ව්‍යාපෘති වාර්තා සැකසීම


මේ සේවාවන් සැපයීම වෙනුවෙන් දේශිය සහ විදේශීය විශ්ව විද්‍යාලවලින් කෘෂි විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කළ,  ප්‍රායෝගිකව මේ වන විටත් දේශියව ක්‍රියාත්මක කෘෂි ව්‍යාපෘති විස්සකට වැඩි සංඛ්‍යාවක සමාන සේවාවන් සපයන දක්ෂ වෘත්තියවේදීන් ගණනාවක් අප සමාගම සමඟ ඒකරාශී වී සිටී.


පොදු උපදේශන වැඩමුළු මඟින් ඔබේ ගොවි කණ්ඩායම් හෝ අමුද්‍රව්‍ය සපයන්නන් ගේ දැනුම වැඩිකිරීමට හැකියාව ලැබෙන අතර එමඟින් ඔබේ නිෂ්පාදන වල ගුණාත්මක භාවය උසස් වනු ඇත.


පෙර අත්දැකීම් සහිත, ප්‍රායෝගික වෘත්තීයවේදීන්ගේ අධීක්ෂණයෙන් ඔබේ කෘෂි ව්‍යාපෘතිය සාර්ථකව උපදේශනයට යොමු කර ගැනීමෙන් වැඩි ලාභ ප්‍රතිශතයක් ළඟා කර ගැනීමට ඔබට හැකියාව ලැබේ.


අක්කර තුනකට වැඩි අක්කර තිහට අඩු ඔබේ කෘෂි ඉඩමේ ඵලදායී ආයෝජනයෙන් ,  උපරිම ලාභයක් ලැබීමට අවශ්‍ය නම් අපේ අපේ කළමණාකරණ සේවාවන් ලබාගන්න.


වසර එකේ සිට වසර දොළහක් දක්වා අඛණ්ඩව නොමිලේ උපදේශන ලබාදෙමින්, අස්වැන්න මිළදී ගන්නා කෘෂි ව්‍යාපෘතියක් ඔබේ ඉඩමේ ස්ථාපිත කිරීමෙන් සැළසුම් සහගත අඛණ්ඩ ආදායමක් තහවුරු කර ගැනීමට ඔබට හැකියාව ඇත.


අමුද්‍රව්‍යයක් ලෙස කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට වඩා ඵලදායී නිෂ්පාදන ක්‍රමවේදයක් සහිත කර්මාන්තශාලාවක් ඉදිකිරීමට ඔබත් අපේක්ෂා කරන්නේ නම් වැඩි ආදායමක් ලබාගැනීමට ඔබට අවස්ථාව උදාවේ. 


ඔබ විසින් ඉතිරි කරගත් මුදල් ආයෝජනය කර, මිළදී ගැනීමට හෝ බදු ගැනීමට බලාපොරොත්තු වන වගා ඉඩමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකිද යන්න දැනගැනීමෙන් ඔබේ මුදල් නිකරුණේ වැය වීම වළක්වා ගත හැකිය. ඒ නිසා, ඉතා සහනදායී මිළකට අපගේ කෘෂි උපදේශන සේවාව මිළදී ගැනීමට අපේක්ෂිත ඉඩමට ලබාගැනීම මඟින් ඔබේ මුදල් නාස්ති වීම වළක්වා ගත හැකිය. 


පළපුරුදු දක්ෂ සේවකයින් යොදා ඔබේ ඉඩමේ, නිසි ප්‍රමිතියට අලිවැට, ජල සම්පාදන ක්‍රම සකස්කිරීමෙන් ඔබට ඔබේ මුදල් අනවශ්‍ය ලෙස වැය වීම වළක්වා ගත හැකිය. 


කෘෂිකර්මය සමඟ බැඳෙන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය, ගුණාත්මක බීජ නිෂ්පාදනය, පසු අස්වනු කළමණාකරණය සම්බන්ධ වෘත්තීයමය උපදේශකවරුන්ගේ උපදේශන සේවාවන් සැපයීමද අප සමාගමෙන් සිදුකෙරේ. මේ වන විට රජයේ ජාතික ප්‍රතිපත්තියක් පොහොර නිෂ්පාදනය වෙනුවෙන් ක්‍රියාත්මක වන අතර ඒ වැඩපිලිවෙළ යටතේ ඉදිරි වසර කිහිපය තුළදී  රටේ කොම්පෝස්ට් පොහොර සහ කාබනික පොහොර අවශ්‍යතාවය කිහිප ගුණයකින් ඉහළ යනු ඇත. 


රජයේ ඉඩම් ලබාගැනීම, බැංකුණය ලබාගැනීම, දේශීය- විදේශිය ආධාර හෝ ආයෝජන ලබාගැනීම ආදී වශයෙන් නිසි ඉලක්කය හඳුනාගෙන සකස් කෙරන කෘෂි ව්‍යාපෘති වාර්තාවක් සකසා ගැනීම මඟින් ඔබේ මූලික අරමුණ ඉටු වන අතරම, ඔබේ කෘෂි ව්‍යාපෘතිය ගැන නිවැරදි දැක්මක් සහ අවබෝධයක් ඔබට ලැබෙනු ඇත. 


මේ සියලු සේවාවන් සඳහා, සාධාරණ පහසු අයකිරීම් ක්‍රමවේද හඳුන්වා දී ඇති අතර අපගේ දිගුකාළීන ගණුදෙනුකදරුවන් වෙනුවෙන් සහනදායී සේවා සැපයීම්ද ඇතුළත්ය. උදාහරණයක් ලෙස ව්‍යාපෘති වාර්තා වෙනුවෙන් නොමිළයේ ඉදිරි වෙළඳ ගිවිසුම් අත්සන් තැබීම - ගාස්තු රහිත ක්ෂේත්‍ර උපදේශන පවා ඇතුළත්ය.


වැඩි විස්තර සඳහා 076 66 42 607/ 070 66 42 607දුරකථන අංක අමතන්න. නැතහොත් අපගේ ඊ-පෝරමය පුරවා එවන්න. අපගේ ෆේස්බුක් පිටුවට පණිවිඩයක් තැබීමෙන්ද මූලික විස්තර ලබාගත හැක. විශේෂ සාකච්ඡාවන් ZOOM හෝ Google Meet හරහාද, කාර්යාලයෙන්ද ලබාගත හැක.