හොඳ නඩත්තුවක් සහ සාර්ථක පරාගණයකින් උපරිම ආදායමක් ලබාගත හැකි ව්‍යාපෘතියක්
⋆ කොළඹ, ගම්පහ, කෑගල්ල, කුරුණෑගල, හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර දිස්ත්‍රික්ක වල අපගේ අධීක්ෂණයෙන් යුතු වැල්දොඩම් වගා ව්‍යාපෘති ආරම්භ කළ හැකිය.
⋆ හොඳින් හිරු එළිය ලැබෙන, ජල වහනය සාර්ථකව සිදුවන ඉඩමක වැල්දොඩම් වගාව සාර්ථකව සිදු කළ හැකිය.
⋆ අවශ්‍ය අවම ඉඩම් ප‍්‍රමාණය - අක්කර එකකි.
⋆ අක්කරයක වගාබිමක සිටුවිය හැකි පැළ ගණ 450කි.
⋆ වගාබිම සඳහා ජලය සහ උදෑසන හිරු එළිය අවශ්‍ය වේ.
⋆ මෙරට නීතියට යටත් ශක්තිමත් පසු විකුණුම් ගිවිසුමකින් බැඳෙමින් වසර 04ක් දක්වා ඔබේ අස්වැන්න මිළදී ගනී.
⋆ ගිවිසුම්ගත වන ගොවීන්ට නොමිලේ උපදේශන/ පුහුණු කිරීම් සහ අස්වනු ආපසු මිළදී ගැනීමේ සේවා හිමිවේ.
⋆ නිසි ප‍්‍රමිතියෙන් වගාව ඇරඹීම සඳහා වගාවට වැයවන සම්පූර්ණ පිරිවැය රුපියල් ලක්ෂ තුනක් පමණ වේ. (ඉඩම පරීක්ෂාවෙන් පසු පූර්ණ ඇස්තමේන්තුව ලබාදේ.)
⋆ වගාබිම සඳහා ඉඩම තෝරා දුන් පසු ඉඩම සැකසීම , ජලවහන උක්‍රම සැකසීම, පාත්ති සැකසීම, නිර්දේශිත පැළ සිටුවීම, (ගොවියා විසින් සපයන කණු සහ කම්බි භාවිතාකර) අධාරක පන්දලම් සැකසීම නවීන යන්ත්‍ර සහ අපගේ පළපුරුදු සේවකයින් යොදා සිදුකරනු ලැබේ.
⋆ ඔබේ වැල් දොඩම් වගාවෙන් වසර 04ක් දක්වා ආපසු මිළදී ගැනීම සිදු කරයි. වසර 04ට වාර 30ක් අස්වැන්න නෙලාගත හැක. අස්වනු නෙලීමෙන් දින කිහිපයක් ඇතුළත ඔබේ මුදල් බැංකු ගිණුමට බැර කෙරේ.
⋆ අපගේ කෘෂි උපදේශකයින් දෙමසකට වරක් ඔබේ වගාබිමටම පැමිණ නොමිලේ උපදෙස් ලබාදේ. අවශ්‍ය වන්නේ නම් සහනදායී මිළකට වාර්ෂික සේවාවන් රැසක් ලබාගත හැකිය.
⋆ අස්වනු නෙළීම, මල් පරාගණය සහ නිසි ලෙස වැල් පුහුණු කිරීම පිළිබඳ වගාබිමේ සේවකයින් පුහුණු කිරීම/ අවබෝධය ලබාදීම අප ආයතනයෙන් සිදුකෙරේ.
⋆ වගාවේ නඩත්තු කටයුතු පමණක් අපගේ උපදෙස් පරිදි වගාකරු විසින් සිදුකළ යුතුය.
⋆ සිටුවා මාස 7-8ක් වැනි කෙටි කාලයක් තුළ ආදායම් ලබාගත හැකිය. ඉන් අනතුරුව දින 21-40 අතර කාලයකට වරක් අස්වනු නෙළිය හැකිය.
⋆ නිසි ලෙස නඩත්තු කර උනන්දුවෙන් කටයුතු කරන්නේ නම් එක් අස්වනු වාරයකදී රුපියල් 90,000/-ත් 200,000/-අතර ආදායමක් මාසිකව ලැබිය හැක.
⋆ මූලික ආයෝජනයෙන් විසි ගුණයකට වැඩි ආදායමක් වගාබිමෙන් ලබාගැනීමේ හැකියාව ඇත.
⋆ අක්කර තුනකට අඩු වගාබිම් නිවැසියන්ගේ ශ‍්‍රමයෙන් නඩත්තු කළ හැක.වගාබිම සඳහා සතියකට දෙවරක්වත් ජල සම්පාදනය කළ යුතුය. උදෑසන වගාබිම පරීක්ෂාව සහ. වල් ගැලවීම සහ පොහොර දැමීම උපදෙස් පරිදි සිදුකළ යුතුය. වසරටම පොහොර, ජලය සහ විදුලිය සඳහා උපරිමව වැයවන්නේ රුපියල් 75,000/-කි.
⋆ කෘෂි ව්‍යාපෘති බැංකු ණය මුදල් ලබාගත හැකි ව්‍යාපෘතියකි. කැන්රිච් ෆිනෑන්ස් ක්ෂුද්‍ර මූල්‍ය ණය සමිති සාමාජිකයින්ට "සරුබිම" ව්‍යාපෘතියෙන් ණය අයදුම්කළ හැක.
⋆ ව්‍යාපෘතිය සඳහා ණය අයදුම්කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඔබේ මූල්‍ය ආයතනය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ලියාපදිංචි වන්න.
⋆ රුපියල් 15,000/- ක ගාස්තුවක් ගෙවීමෙන් පසු බැංකු ණය සඳහා අවශ්‍ය සියලු ලේඛණ සැපයේ. ( ආපසු මිළදි ගැනීම සහතික කෙරෙන ලිපියක්/ අපනයන වගා ව්‍යාපෘතියක් බවට තහවුරු කෙරෙන සාධක/ සම්පූර්ණ ඇස්තමේන්තුව) අවශ්‍ය නම් ව්‍යාපෘති වාර්තාවද සකසාදිය හැක.
⋆ ලේඛණ සම්පූර්ණ කළද, වෙනත් හේතුවක් මත ඔබට ණය මුදල ලබාගැනීමට නොහැකි වුවහොත් ලේඛණ ගාස්තු අඩුකරගැනීමෙන් පසුව ඉතිරි මුදල් ආපසු ලබාදේ.
⋆ ඔබ අප සමාගම සමඟ එක්ව ආරම්භ කිරීමට නියමිත, "වැල්දොඩම් වගාවේ" ආදායම් වියදම් ඇස්තමේන්තුව ලබාගැනීමට සහ ඉදිරි පියවරයන් පැහැදිළි කර ගැනීමට පෝරමය පුරවා එවන්න.
⋆ ආපසු ගෙවන මූලික වගාබිම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 8,000/-කි. (ලියාපදිංචියෙන් දින පහක් ඇතුළත ඔබේ ඉඩම පරීක්ෂා කෙරේ. ගිවිසුම්ගත වන අවස්ථාවේදී මෙම මුදල ආපසු ගෙවනු ලැබේ.)
⋆ මූලික ලියාපදිංචි කිරීමේ ගාස්තුව ගෙවා ලියාපදිංචි වන ඔබට අපගේ වගාබිම් පරීක්ෂාවට සහ දැනට ලියාපදිංචි වී සාර්ථකව වගාව පවත්වාගෙන යන ගොවීන් හමුවී ව්‍යාපෘතියේ සාර්ථකත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලබාදේ.
වැඩි විස්තර සඳහා අපගේ 076 66 42 607/ 070 66 42 607 දුරකථන අංක අමතන්න.