ලක්ෂ දෙකක් වැය කර වසර තුනකින් රුපියල් ලක්ෂ 15ක් ඉක්මවා උපයන්න.
අන්නාසි යනු බොහෝ දෙනෙකුගේ රුචිකත්වය හිමිකරගන්නා හොඳ වෙළඳපොල වටිනාකමක් සහිත රසවත් පළතුරකි. දකුණු ඇමරිකාවේ සම්භවය වී ලෝකය පුරා පැතිරුණු අන්නාසි, ලංකාවේද හොඳින් වැවෙන අතර මෙරටටම ගැළපෙන ප්‍රභේදයන් කිහිපයක් හඳුනාගත හැකි ව තිබේ.
ඒ අතරින් වඩාත්ම ජනප්‍රිය අන්නාසි වර්ගය වන්නේ “මුරුසි අන්නාසි” ය.
කළක් කඩාවැටී තිබූ අන්නාසි වෙළඳපොළ යළිත් යථා තත්වයට පත්වෙමින් තිබෙන අතර ඒ නිසාම අන්නාසි සඳහා වන ඉල්ලුම දිනෙන් දින වැඩිවෙමින් පවතී. නමුත් අපනයනකරුවන් සඳහා ඇති ප්‍රධානම ගැටළුව නම් ප්‍රමිතියෙන් යුතු අන්නාසි වගාබිම් වලින් නොලැබීමයි.
පොල් වගා කර ඇති ඉඩමක වගා කළ හැකි හොඳම අතුරු බෝගයක් ලෙස අන්නාසි නිර්දේශ කළ හැකිය. GAP හෝ Organic සහතික ලබාගෙන වගාකළ හැකි නම් සාමාන්‍ය වගාවකින් ලැබෙන අස්වැන්නට වඩා වැඩි ආදායමක් අන්නාසි වගාවකින් ලබාගන්නට ගොවියාට හැකියාව ඇත.
වසර හයකට අධික කාලයක් ලාංකීය වාණිජ කෘෂිකර්ම ව්‍යාපෘති වල යෙදෙන ගොවීන්ට හොඳම වගා ව්‍යාපෘති නිර්දේශ කරන BizBiz Lanka සමාගම දැන් අන්නාසි වගාව සඳහාද ගොවීන් යොමු කරවයි. ඒ වඩා හොඳ මට්ටමේ අන්නාසි අස්වැන්නක් අපනයනය සඳහා සැපයීමේ අපේක්ෂාවෙනි.
ඔබත් ඔබට හිමි ඉඩමක, ප්‍රධාන වගාවක් ලෙස හෝ අතුරු වගාවක් ලෙස, අන්නාසි වගාකරන්නට කැමැති ගොවියෙක් නම් අපගේ BizBiz Lanka වගා ව්‍යාපෘතියට එක්වීමට ඔබටත් හැකියාව ඇත.
BizBiz Lanka සමාගම සමඟ සම්බන්ධ වී අපනයනය සඳහා අන්නාසි වවන්න ඔබත් කැමැතිද?
ලංකාව පුරා ඕනෑම දිස්ත්‍රික්කයක අක්කර භාගයක් හෝ ඊට වඩා වැඩි ඉඩමක අන්නාසි වගා කරන්නට ඔබත් කැමැති නම්, අපට කතා කරන්න.
ඔබගේ වගාබිම වෙනුවෙන් ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය සහ උපදේශන සේවාවන් ලබාදෙමින්, වඩා ඵලදායක ලෙසින් අපේ සේවකයින් යොදා වගාබිම සකසා දෙන්නටත් BizBiz Lanka සමාගමට හැකියාව ඇත.
වගාකාලය අතරතුර වරින්වර ඔබගේ වගාබිමට පැමිණෙන අපගේ ක්ෂේත්‍ර නිළධාරීන් විසින් වගාවේ ගුණාත්මක අස්වැන්නක් වෙනුවෙන් අවශ්‍ය වන සියලු උපදෙස් ඔබට ලබාදේ.
එසේම අවශ්‍ය ඕනෑම මොහොතක නොමිලයේ දුරස්ථ උපදේශන ද සපයන්නෙමු.
වසර තුනක කාලයක් තුළදී නියමිත අස්වනු වාර තුනක් ඔබේ අන්නාසි වගාවෙන් අස්වනු මිළදී ගැනීමට ද BizBiz Lanka සමාගම කටයුතු කරයි. ඊට අමතරව නිරෝගීව පවත්වාගෙන යන ඔබේ වගාවෙන් ලැබෙන ගුණාත්මක පැළ ද BizBiz Lanka සමාගම විසින් මිළදී ගනු ලබයි.
මේ සැපයෙන සියලු සේවාවන් සඳහා නීතිමය පිළිගැනීමක් සහිත ගිවිසුමක් අත්සන් තබමින් වගකීමෙන් කටයුතු කිරීමට BizBiz Lanka සමාගම කටයුතු කරයි.
වෙබ් අඩවියේ ඇති මෙම පෝරමය පුරවා ලියාපදිංචි වීමෙන් අනතුරුව, ක්ෂේත්‍ර පරීක්ෂාවට පැමිණෙන BizBiz Lanka නියෝජිතයින් විසින් ඔබගේ ඉඩමට සුදුසු ලෙස අන්නාසි වගා කිරීම ගැන පැහැදිළි මඟ පෙන්වීම් ඔබට ලබාදෙනු ඇත.
ඊපෝරමය පුරවා ලියාපදිංචි වීමෙන් අනතුරුව මූලික ක්ෂේත්‍ර පරීක්ෂාව සඳහා ඔබ විසින් ගෙවිය යුතු ගාස්තුව රුපියල් 8000/-කි. එම මුදල වගාව සඳහා ගිවිසුම්ගත වන අවස්ථාවේදී නැවත ඔබ වෙත ගෙවනු ලැබේ.
මෙම අන්නාසි වගා ව්‍යාපෘතිය සඳහා මහ බැංකු අනුමැතියෙන් ලබාදෙන "සෞභාග්‍යා" හෝ වෙනත් වගා ණය ලබාගත හැකිය. වාණිජ බැංකු ඔස්සේ ක්‍රියාත්මක වෙනත් කෘෂි ව්‍යාපෘති ණයද ලබාගත හැක.
විශාල අන්නාසි වගා ව්‍යෘපෘති සඳහා සාධාරණ මිළගණන් යටතේ “ව්‍යාපෘති වාර්තා” සැකසීමද BizBiz Lanka සමාගම විසින් සිදුකෙරේ.
වැඩි විස්තර සඳහා අපගේ 076 66 42 607/ 070 66 42 607 දුරකථන අංක අමතන්න.
ඔබට මතුවන සාමාන්‍ය ගැටලු සඳහා පිළිතුරු මෙතැනින්.
ඊමේල් මඟින්, දුරකථනයෙන් හෝ තැපෑලෙන් වැඩි දුර විස්තර ලබාගැනීම සඳහා ඊපෝරමය පුරවන්න.