වියදම මෙන් පස්ගුණයක් ඉක්මවා ඉපැයිය හැකි මඤ්ඤොක්කා වගාව

 අපනයනය සඳහා මඤ්ඤොක්කා වගාකරන්න කැමැතිද? 


මඤ්ඤොක්කා යනු දෙස් විදෙස් වෙළඳපොලේ වසර පුරාම අඛණ්ඩ ඉල්ලුමක් ඇති බෝගයකි. සතිපතා කිලෝ දහස්ගණනක අපනයන ඉල්ලුමක් මඤ්ඤොක්කා සඳහා පවතී. ලංකාවේ අපනයන ආයතන ගණනාවක් යුරෝපය සහ අරාබි රටවල් සඳහා අඛණ්ඩව මඤ්ඤොක්කා සපයමින් සිටී. ඊට අමතරව මඤ්ඤොක්කා අස්වැන්න  අගය එකතු කළ නිෂ්පාදන ගණනාවක් සඳහාද යොදාගන්නා බැවින්,  එවන් ආයතන වලින් ද මඤ්ඤොක්කා අස්වැන්න සඳහා විශාල ඉල්ලුමක් පවතී. 



BizBiz Lanka සමඟ සම්බන්ධ වී අපනයනය සඳහා මඤ්ඤොක්කා වගාකරන්න ඔබත් කැමැතිද?


ලංකාව පුරා ඕනෑම දිස්ත්‍රික්කයක අක්කර භාගයක් හෝ ඊට වඩා වැඩි ඉඩමක මඤ්ඤොක්කා වගා කරන්නට ඔබත් කැමැති නම්, අපට කතා කරන්න. 


ඔබගේ වගාබිම වෙනුවෙන් ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය සහ උපදේශන සේවාවන් ලබාදෙමින් අවශ්‍ය නම් අපේ සේවකයින් ලබා වගාබිම සකසා දෙන්නටත් අපට හැකියාව ඇත.


වගාකාලය අතරතුර වරින්වර ඔබගේ වගාබිමට පැමිණෙන අපගේ ක්ෂේත්‍ර නිළධාරීන් විසින් වගාවේ ගුණාත්ම අස්වැන්නක් වෙනුවෙන් අවශ්‍ය වන සියලු උපදෙස් ඔබට ලබාදීමට කටයුතු කෙරේ. එසේම අවශ්‍ය ඕනෑම මොහොතක නොමිලයේ දුරස්ථ උපදේශන සැපයීමටද පොරොන්දු වන්නෙමු.



වගාව ආරම්භයේදීම ගිවිසුමකට එළැඹෙමින්,  නිසි ලෙස වගාකාලය අවසන්වනතුරු රැකබලාගන්නා ඔබගේ  වගාවෙන් ඵල දරණ ප්‍රශස්ථ අස්වැන්න ගිවිසුම්ගතව මිළදී ගන්නටත් අපි සූදානම්. 


ඔබේ ඉඩමේ සාමාන්‍ය පසේ සෘජුවම හෝ වගාමළු භාවිතා කරමින් මඤ්ඤොක්කා සිටුවීමේ හැකියාව ඇත. පසේ සෘජුවම මඤ්ඤොක්කා දඬු සිටුවීම පහසු සහ වියදම් අඩු ක්‍රියාවකි. නමුත් අස්වැන්න ගලවා ගැනීමේදී සමස්ථ අස්වැන්නේ 25%-35% අතර ප්‍රමාණයක්  ප්‍රශස්ථ ප්‍රමිතියෙන් ගලවා ගැනීමට නොහැකි වීම එම වගාක්‍රමයේ ඇති අවාසියයි. වගා මළු වල වගාකිරීමේදී සමස්ථ අස්වැන්නම ප්‍රශස්ථ ප්‍රමිතියෙන් ගලවා ගැනීමේ හැකියාව ඇත. 


මේ ආකාර දෙකෙන් ඔබ වඩාත්ම කැමැති ක්‍රමයට වගාකිරීමේ නිදහස ඔබට පවතින අතර, ඔබේ වගාවේ ප්‍රශස්ථම අස්වනු කොටස සඳහා වෙළඳපොලේ පවතින උපරිම මිළට සමගාමීව ඔබේ වගාබිමේදීම අස්වැන්න මිළදී ගැනීමට අප සූදානමින් සිටිමු. 



වෙබ් අඩවියේ ඇති මෙම පෝරමය පුරවා ලියාපදිංචි වීමෙන් අනතුරුව,  ක්ෂේත්‍ර පරීක්ෂාවට පැමිණෙන අපගේ නියෝජිතයින් විසින් ඔබගේ ඉඩමට සුදුසු මඤ්ඤොක්කා වගා ක්‍රමය ගැන පැහැදිළි මඟ පෙන්වීම් ඔබට ලබාදෙනු ඇත. 


ඊපෝරමය පුරවා ලියාපදිංචි වීමෙන් අනතුරුව මූලික ක්ෂේත්‍ර පරීක්ෂාව සඳහා ඔබ විසින් ගෙවිය යුතු ගාස්තුව රුපියල් 8000/-කි. එම මුදල වගාව සඳහා ගිවිසුම්ගත වන අවස්ථාවේදී නැවත ඔබ වෙත ගෙවනු ලැබේ. 


මෙම මඤ්ඤොක්කා වගා ව්‍යාපෘතිය සඳහා මහ බැංකු අනුමැතියෙන් ලබාදෙන  "සෞභාග්‍යා" හෝ වෙනත් වගා ණය ලබාගත හැකිය. වාණිජ බැංකු ඔස්සේ ක්‍රියාත්මක වෙනත් කෘෂි ව්‍යාපෘති ණයද ලබාගත හැක. විශාල මඤ්ඤොක්කා වගාව්‍යෘපෘති සඳහා සාධාරණ මිළගණන් යටතේ “ව්‍යාපෘති වාර්තා” සකසා ගැනීමද BizBiz Lanka සමාගම මඟින් සිදුකර ගත හැක. 



වැඩි විස්තර සඳහා අපගේ 076 66 42 607/ 070 66 42 607 දුරකථන අංක අමතන්න. 


ඔබට මතුවන සාමාන්‍ය ගැටලු සඳහා පිළිතුරු මෙතැනින්.


ඊමේල් මඟින්, දුරකථනයෙන් හෝ තැපෑලෙන්  වැඩි දුර විස්තර ලබාගැනීම සඳහා ඊපෝරමය පුරවන්න.