වසර පහළොවකදී වාර සියයක් අස්වනු නෙලන ඇපල් පේර වගාව

සමස්ථ ආයෝජනය සාර්ථක අස්වනු වාර දෙකකින් ආපසු උපයාගත හැකියි. 


⋆ ලංකාවේ  වියළි කලාපයේ සහ අතරමැදි කලාපයේ ඉඩම් වල වගා කළ හැකිය. පරීක්ෂාවකින් පසු අපගේ උපදේශකයින්ට අනුමත කළ හැකිනම් තෙත් කලාපයේ සුදුසු ඉඩම් වලද වගාකළ හැකිය.


⋆ හම්බන්තොට,අනුරාධපුර,යාපනය,පොළොන්නරුව,පුත්තලම, වව්නියාව,මන්නාරම, මොණරාගල,අම්පාර, මඩකළපුව, කුරුණෑගල, ගම්පහ, මාතලේ දිස්ත්‍රික්ක වල වගාව සිදුකළ හැකිය.


⋆ සම්පූර්ණ සේවා සපයමින් ගිවිසුම්ගතව අස්වනු මිළදී ගැනීමට අවශ්‍ය අවම වගාබිම් ප‍්‍රමාණය - අක්කර එකකි. ආසන්නව අපගේ වෙනත් ඇපල් පේර ව්‍යාපෘති  ක්‍රියාත්මක නම් පර්චස් 60ට වැä ඉඩම්ද සළකා බැලිය හැක.


⋆ සිටුවා මාස 8ක් වැනි කෙටි කාලයක් තුළ ආදායම් ලබාගත හැකිය. (උපරිමව මාස 10ක් තුළ)




⋆ වගාබිම සඳහා ජලය සහ උදෑසන හිරු එළිය අවශ්‍ය වේ. හොඳින් ජලය බැස යන බිමක් විය යුතුය. ජල මූලාශ්‍රය ඉඩම් හිමිකරු විසින් සැපයිය යුතුය.


⋆ අතුරු වගාවක් ලෙස පොල්, අන්නාසි ඉඩම් වල සිදුකළ හැකිය.


⋆ වගාව සඳහා ජලසම්පාදන පද්ධතියක් ස්ථාපිත කළ යුතු අවස්ථා පවතී. අනිවාර්යයෙන් අවශ්‍ය නොවේ.


⋆ මෙරට නීතියට යටත් ශක්තිමත් පසු විකුණුම් ගිවිසුමකින් බැඳෙමින් වසර 12ක් දක්වා ඔබේ අස්වැන්න මිළදී ගනී.


⋆ නිසි ප‍්‍රමිතියෙන් වගාව ඇරඹීම සඳහා  වගාවට වැයවන සම්පූර්ණ පිරිවැය අක්කරයකට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වේ. (ලියාපදිංචි වීමෙන් පසු පූර්ණ ඇස්තමේන්තුව ලබාදේ.)


⋆  ලියාපදිංචි ගාස්තුව රුපියල් 8,000/-කි. (ලියාපදිංචියෙන් දින පහක් ඇතුළත ඔබේ ඉඩම පරීක්ෂා කෙරේ.)




⋆ මූලික ලියාපදිංචි කිරීමේ ගාස්තුව ගෙවා ලියාපදිංචි වන ඔබට අපගේ වගාබිම් පරීක්ෂාවට සහ දැනට ලියාපදිංචි වී සාර්ථකව වගාව පවත්වාගෙන යන ගොවීන් හමුවී ව්‍යාපෘතියේ සාර්ථකත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලබාදේ.


⋆ වගාබිම සඳහා ඉඩම තෝරා දුන් පසු  ඉඩම ශුද්ධ කිරීම, පස් පෙරලීම, පාත්ති සැකසීම, අවශ්‍ය වේ නම් ජල සම්පාදන ක්‍රමය සැකසීම, පැළසිටුවීම නවීන යන්ත්‍ර සහ අපගේ පළපුරුදු සේවකයින් යොදා සිදුකරනු ලැබේ.


⋆  වගාවේ නඩත්තු කටයුතු පමණක් ඔබ විසින් සිදුකළ යුතුය.


⋆ අස්වනු නෙළීම සඳහා සේවකයින් පුහුණු කිරීම මිළදී ගන්නා ආයතනයෙන් සිදුකෙරේ.


⋆ එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ණය මුදල් ලබාගත හැකි ව්‍යාපෘතියකි. වෙනත් කෘෂි ව්‍යාපෘති ණයද ලබාගත හැක. කැන්රිච් ෆිනෑන්ස් ක්ෂුද්‍ර මූල්‍ය ණය සමිති සාමාජිකයින්ට "සාරභූමි" ව්‍යාපෘතියෙන් ණය අයදුම්කළ හැක.


⋆ ව්‍යාපෘතිය සඳහා ණය අයදුම්කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඔබේ මූල්‍ය ආයතනය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ලියාපදිංචි වන්න. 


⋆ රුපියල් 15,000/- ක ගාස්තුවක් ගෙවීමෙන් පසු බැංකු ණය සඳහා අවශ්‍ය සියලු ලේඛණ සැපයේ. ( ආපසු මිළදි ගැනීම සහතික කෙරෙන ලිපියක්/ අපනයන වගා ව්‍යාපෘතියක් බවට තහවුරු කෙරෙන සාධක/ සම්පූර්ණ ඇස්තමේන්තුව) අවශ්‍යනම් ව්‍යාපෘති වාර්තාවද සකසාදිය හැක.



⋆ ලේඛණ සම්පූර්ණ කළද, වෙනත් හේතුවක් මත ඔබට ණය මුදල ලබාගැනීමට නොහැකි වුවහොත් ලේඛණ ගාස්තු අඩුකරගැනීමෙන් පසුව ඉතිරි මුදල් ආපසු ලබාදේ.


⋆ අක්කරයක බිමක ඇපල් පේර පැළ 650-750 අතර ප්‍රමාණයක් වගාකෙරේ.


⋆ ඔබේ ඇපල් පේර වගාවෙන් වසර 12ක් දක්වා ආපසු මිළදී ගැනීම සිදු කරයි. වසර 12ට වාර 100ක් අස්වැන්න නෙලාගත හැක. අස්වනු නෙලීමෙන් දින කිහිපයක් ඇතුළත ගිවිසුම්ගත ගොවීන්ගේ ආදාය් මුදල්  ඔවුනගේ බැංකු ගිණුමට බැර කෙරේ. 

  

⋆ වසර තුනක් දක්වා වරින් වර ඔබේ වගාවටම පැමිණ නොමිලේ ලබාදෙන විශේෂඥ උපදෙස්. ඊට අමතරව සහනදායී මිළකට වාර්ෂික සේවාවන් රැසක්.


⋆ අඩු ඉඩ ප‍්‍රමාණයක වැඩි ආදායම් ලබාගත හැකිය. එක් අස්වනු වාරයකදී රුපියල්  100,000/-කට වැඩි ආදායමක් ලැබිය හැක. සමහර විටෙක එය රුපියල් 200,000/-ට ආසන්නවේ.  


⋆ වගාවකින් අවුරුද්දකට දොළොස් වතාවක් වතාවක් ගෙඩි නෙලාගත හැකිය.


⋆ පොහොර දමා හොදින් නඩත්තු කරහොත් අවුරුද්දකට දොළොස් වතාවක් ආදායම ලබා ගත හැකිය.නැතහොත් අවුරුද්දකට අට වතාවක් ආදායම ලබා ගත හැකිය.



⋆ සිටුවා මාස 20කින් වැය කළ මුදල උපයාගත හැකිය.


⋆ අඩු ශ‍්‍රමයක් අවශ්‍ය වේ. සතියකට පැය 5ක් සෑහේ. වල් ගැලවීම සහ පොහොර දැමීම දෙමසකට වරකි. වසරටම පොහොර සහ විදුලිය සඳහා වැයවන්නේ රුපියල් 50,000/-කි. නිවැසියන්ගේ ශ‍්‍රමයෙන් නඩත්තු කළ හැක.


වැඩි විස්තර සඳහා අපගේ 076 66 42 607/ 070 66 42 607 දුරකථන අංක අමතන්න.