කන්න දෙකක් ඉඟුරු වගාකලොත් උපරිම ලාභයක්
⋆ ලංකාවේ වියළි කලාපයේ සහ අතරමැදි කලාපයේ ඉඩම් වල වගා කළ හැකිය. පරීක්ෂාවකින් පසු අපගේ උපදේශකයින්ට අනුමත කළ හැකිනම් තෙත් කලාපයේ සුදුසු ඉඩම් වලද වැඩි ඉල්ලුමක් ඇති දේශීය ඉඟුරු වගාකළ හැකිය.
⋆ හම්බන්තොට,අනුරාධපුර,යාපනය,පොළොන්නරුව,පුත්තලම, අම්පාර,වව්නියාව,මන්නාරම, මොණරාගල, මඩකළපුව, කුරුණෑගල, ගම්පහ, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල වගාව සිදුකළ හැකිය.
⋆ නමුත් ප්‍රායෝගික පහසුව පිණිස 2021 වසරේදී අප ආයතනය ගිවිසුම්ගත වගාවන් ආරම්භ කරන්නේ , කුරුණෑගල, කෑගල්ල, මහනුවර සහ ගම්පහ දිස්ත්‍රික්ක වල තෝරාගත් කොටසක පමණි.
⋆ ගිවිසුම්ගත වී වගාකිරීමට අවශ්‍ය අවම ඉඩම් ප‍්‍රමාණය - පර්චස් 80කි.
⋆ සිටුවා මාස 8ක් වැනි කෙටි කාලයක් තුළ ආදායම් ලබාගත හැකිය. (උපරිමව මාස 10ක් තුළ)
⋆ වගාබිම සඳහා ජලය සහ උදෑසන හිරු එළිය අවශ්‍ය වේ. හොඳින් ජලය බැස යන බිමක් විය යුතුය. ජල මූලාශ්‍රය ඉඩම් හිමිකරු විසින් සැපයිය යුතුය.
⋆ අතුරු වගාවක් ලෙස පොල්, අන්නාසි ඉඩම් වල සිදුකළ හැකිය.
⋆ ගිවිසුම්ගත වගාවන් සඳහා ජලසම්පාදන පද්ධතියක් ස්ථාපිත කළ යුතු අවස්ථා පවතී. නමුත් අනිවාර්යයෙන් අවශ්‍ය නොවේ.
⋆ මෙරට නීතියට යටත් ශක්තිමත් පසු විකුණුම් ගිවිසුමකින් බැඳෙමින් ඔබේ අස්වැන්න මිළදී ගනී.
⋆ නිසි ප‍්‍රමිතියෙන් වගාව ඇරඹීම සඳහා, බිම් සැකසීම, ආරම්භක පොහොර වටය යෙදීම, වසුන් යෙදීම, ජල සම්පාදන ක්‍රමය ස්ථාපිත කිරීම, සහතික කළ බිජ වලින් තවාන් කිරීම, සේවක ගාස්තු ඇතුළුව අක්කරයකට වැයවන ආරම්භක පිරිවැය රුපියල් ලක්ෂ තුනක් පමණ වේ.. (ඉඩම් පරීක්ෂාවෙන් පසු පූර්ණ ඇස්තමේන්තුව ලබාදේ.) ජල සම්පාදන ක්‍රමය ස්ථාපිත කරන්නේ නම් අමතර මුදලක් වැයවේ. එහෙත් දිගුකාළීන ශ්‍රම වියදම සැළකීමේදී එය ලාභදායකය.
⋆ ලියාපදිංචි ගාස්තුව රුපියල් 6,000/-කි. (ලියාපදිංචියෙන් දින තුනක් ඇතුළත ඔබේ ඉඩම පරීක්ෂා කෙරේ.) ගිවිසුම්ගත ඉඟුරු වගාවේදී මෙම මුදල යළි ආපසු නොගෙවන මුදලකි. නමුත් බීජ සඳහා ගෙවිය යුතු මුදෙලන් මෙම රුපියල් 6000/- අඩු කෙරේ.
⋆ මූලික ලියාපදිංචි කිරීමේ ගාස්තුව ගෙවා ලියාපදිංචි වන ඔබට අපගේ වගාබිම් පරීක්ෂාවට සහ දැනට ලියාපදිංචි වී සාර්ථකව වගාව පවත්වාගෙන යන ගොවීන් හමුවී ව්‍යාපෘතියේ සාර්ථකත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලබාදේ.
⋆ වගාබිම සඳහා ඉඩම තෝරා දුන් පසු ඉඩම ශුද්ධ කිරීම, පස් පෙරලීම, පාත්ති සැකසීම, අවශ්‍ය වේ නම් ජල සම්පාදන ක්‍රමය සැකසීම, පැළසිටුවීම නවීන යන්ත්‍ර සහ අපගේ පළපුරුදු සේවකයින් යොදා සිදුකරනු ලැබේ. නැතහොත් උපදේශන සේවාවන් සහ බීජ පමණක් ලබාගෙන ඔබටම වගාකරගත හැකිය.
⋆ සිටවීමෙන් පසු වගාවේ නඩත්තු කටයුතු අපගේ උපදෙස් මත ඔබ විසින් සිදුකළ යුතුය.
⋆ අවශ්‍ය වන්නේ නම් අස්වනු නෙළීම සඳහා සේවකයින් යෙදවීම ගෙවීමකට යටත්ව මිළදී ගන්නා ආයතනයෙන් සිදුකෙරේ.
⋆ ව්‍යාපෘතිය සඳහා ණය අයදුම්කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඔබේ මූල්‍ය ආයතනය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ලියාපදිංචි වන්න.
⋆ රුපියල් 12,000/- ක ගාස්තුවක් ගෙවීමෙන් පසු බැංකු ණය සඳහා අවශ්‍ය සියලු ලේඛණ සැපයේ. ( ආපසු මිළදි ගැනීම සහතික කෙරෙන ලිපියක්/ අපනයන වගා ව්‍යාපෘතියක් බවට තහවුරු කෙරෙන සාධක/ සම්පූර්ණ ඇස්තමේන්තුව) අවශ්‍යනම් ව්‍යාපෘති වාර්තාවද සකසාදිය හැක.
⋆ ලේඛණ සම්පූර්ණ කළද, වෙනත් හේතුවක් මත ඔබට ණය මුදල ලබාගැනීමට නොහැකි වුවහොත් ලේඛණ ගාස්තු අඩුකරගැනීමෙන් පසුව ඉතිරි මුදල් ආපසු ලබාදේ.
⋆ අක්කර භාගයක බිමක බීජ ඉඟුරු කිලෝ 300ක් පමණ තවාන් කෙරේ.
⋆ ගිවිසුම්ගත ව මිළදී ගැනීමේදී, නෙලාගත් අස්වනු භාරගැනීමෙන් දින කිහිපයක් ඇතුළත ඔබේ මුදල් බැංකු ගිණුමට බැර කෙරේ.
⋆ වගාකාලයේ වරින් වර ඔබේ වගාවටම පැමිණ නොමිලේ ලබාදෙන විශේෂඥ උපදෙස්. සහනදායී මිළකට වාර්ෂික සේවාවන් රැසක්.
⋆ අඩු ඉඩ ප‍්‍රමාණයක වැඩි ආදායම් ලබාගත හැකිය. පළමු අස්වනු වාරයේදී අක්කරයක බිමක වගාකෙරෙන ඉඟුරු විකිණීමෙන් දළ වශයෙන් රුපියල් ලක්ෂ 12ක් දක්වා උපරිම ආදායමක් ලැබිය හැකිය. එය කල්තබාගෙන විකිණිය හැකි නම් තව තවත් ලාභ ලබාගත හැකිය.
⋆ වගාවකින් මාස 10කට පසු අස්වනු නෙළාගත හැකිය.
⋆ පොහොර දමා හොදින් නඩත්තු කරහොත් සහ රෝග ආසාදන වලින් බේරා ගතහොත් දෙවැනි අස්වනු වාරයේදී ඔබේ වගාවෙන් සකසා ගන්නා බීජ ඉඟුරු වලින් වැඩි ලාභයක් සහ හොඳ අස්වැන්නක් ලැබෙනු ඇත.
⋆ අඩු ශ‍්‍රමයක් අවශ්‍ය වේ. සතියකට පැය 5ක් සෑහේ. වල් ගැලවීම සහ පොහොර දැමීම පළමු තෙමස තුළ දෙවරකි.නිවැසියන්ගේ ශ‍්‍රමයෙන් නඩත්තු කළ හැක.
වැඩි විස්තර සඳහා අපගේ 076 66 42 607/ 070 29 46 344 / 0759 043 804/ 011 56 888 72 දුරකථන අංක අමතන්න.